• image01

    Creative

    Duet

  • image02

    Friendly

    Devil

  • image03

    Tranquilent

    Compatriot

  • image04

    Insecure

    Hussler

  • image05

    Loving

    Rebel

  • image06

    Passionate

    Seeker

  • image07

    Crazy

    Friend

Wednesday, October 7, 2015

ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක මයික්‍රොෆෝනයක් විදියට භාවිතා කරමු


පරිඝණකයට කටහඩ ලබාදෙන්න අපි හෙඩ්ෆෝන් එකක්නෙ ගොඩක් වෙලාවට භාවිත කරන්නෙ.අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක මයික් එකක් විදියට හාවිතා කරන ආකරයයි.

•ඉස්සරලාම ඔයාගෙ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකට මේකට ගන්න ඇප් එක මෙතනින් අරගන ඉන්න.නැත්නම් Play Store එකේ ( Wo Mic ) කියල සර්ච් කරල ගන්නත් පුලුවන්.

•දැන් මේ ඇප් එක ඕපන් කරන්න කලින් ඔයාගෙ ෆෝන් එක පරිඝණකයට සම්බන්ධ කරගෙන ඉන්න.ඊට පස්සෙ වෝ මයික් ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරල ඒකෙ ක්ලයන්ට් ප්‍රෝග්රෑම් (cilent program) එක පරිඝණකයේ ඉන්ස්ටෝල් කරගන්න.

දුරකථනය සූදානම් කරගැනීම

•දැන් ඇප් එක ඕපන් කල පසු උඩම දකුණු පැත්තෙ බටන් දෙකක් පෙන්වයි.මූලික සැකසුම් කිරීමට එහි Setting නම් බටන් එක තෝරන්න.දැන් එන තීරුවේ Transport Option යන්න යටතේ ඇති Transport යන්න තෝරා පරිඝණකය සමග සම්බන්දවී ඇති මාධ්‍ය තෝරන්න.යූ එස් බී මගන් සම්බන්ධ කර ඇත්නම් යූ එස් බී යන්න තෝරන්න.


•දැන් නැවතත් මුල් තිරය වෙත පිවිස ඉහලින් ඇති Start නම් බටන් එක තෝරන්න.එවිට මයික්ක්‍රොෆෝනයේ අයිකන් එක කොළ පාටින් පෙනේවි.දැන් වැඩේ හරි.

පරිඝණකය සූදානම් කිරීම

•දැන් කරන්න තියෙන්නෙ පරිඝණකය සූදානම් කරගන්නයි.ඒ සදහා වෝ මයික් ඇප් එකට අදාල cilent programe එක පරිඝණකයට මෙතනින් අරගන්න.මේ වෙබ් අඩවියේ ඇති Cilent On pc යටතේ මෙය බාගත කරගැනීමට හැකියි.තව Driver on Pc යන්න යටතේ ඇති ෆයිල් එකද බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.

ක්‍රියාත්මක කරවීම

•දැන් ඇන්ඩ්රොයිඩ් උපාංගය හා සම්බන්ධ වීමට මෙහි ඇති Connection මෙනුව තුලින් Connect යන්න තෝරන්න.මෙවිට Select Transport නම් බොක්ස් එක ඕපන් වෙයි.මෙහි ඇති USB යන්න තෝරා OK බට්න් එක ක්ලික් කරන්න.දැන් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක පරිඝණකයේ මයික්ක්‍රොෆෝනය ලෙස ක්‍රියාත්මක වෙයි.දැන් හඩ පරිඝණකයේ ස්පීකර් තුලින් ඇසිය යුතුනම් වෝ මයික් ක්ලයන්ට් වින්ඩෝවෙහි ඔප්ෂන් මෙනුව තුලින් Play In Speaker යන්න තෝරන්න.

වැඩේ හොදනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා........☺

අපේ ෆේස්බුක් ග්රූපයත් සමග එකතු වෙන්න ඕනනම් මෙතන ක්ලික් කරන්න.

♣අපේ පේජ් එකටත් මෙතනින් ගිහින් ලයික් එකක් දාන්න♣

0 comments:

Post a Comment

Total Pageviews

Blog Archive

Popular Posts

Powered by Blogger.

Social Icons

Followers

Sample Text

Featured Posts

Translate

Pages

Pages